ශ්රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග අද (14දා) අලුයම ඉන්දියාවට ගියේය. ඒ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වීම සඳහායි.
ඔහු දණහිසේ ආබාධයකින් පෙළෙන අතර තරගාවලියට ඔහුගේ සහභාගීත්වය තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකයි.
මෙහිදී මාලිංග පවසා ඇත්තේ තමා ඉදිරි දින කිහිපයේදී ශ්රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් කරන බවත් ආබාධයේ ගැටලුවක් නොවුණහොත් පළමු තරගයට ක්රීඩා කරන බවයි.
නමුත් එය එසේ නොවුණොත් තීරණය තේරීම් කමටුව අතේ බවත ඔහු සඳහන් කරයි.