ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කරන ලද ආධුනික පාසල් බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය සමත් විය.
ඒ කාණ්ඩ 04 ක් යටතේ පැවැති තරගාවලියේ වයස අවුරුදු 14-15 වයස් කාණ්ඩ සඳහා පැවැති පාසල් පිරිමි (ඩයන් ගෝමස් අභියෝගතා කුසලානය) ශූරතාවත් අවුරුදු 15-16 වයස් කාණ්ඩය සඳහා පැවැති කනිෂ්ඨ පිරිමි ශූරතාව (හර්බට් ඇඹුල්දෙණිය අභියෝග ශූරතා) දිනාගනිමිනි.
තරගාවලියේ ඉතිරි අංශ ද්විත්වය වූ වයස අවුරුදු 14 -15 වයස් කාණ්ඩ සඳහා වෙන් වූ පාසල් කාන්තා (හර්බට් ඇඹුල්දෙණිය අභියෝග ශූරතා) අංශයේ ශූරතාව හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය විසිනුත් 15 -16 අංශ සඳහා වෙන් වූ ආධුනික කාන්තා (ඊවා ඇඹුල්දෙණිය අභියෝගතා කුසලානය) අංශයේ ශූරතාව හඟුරන්කෙත පල්ලෙබෝවල මහා විද්‍යාලයත් හිමි කරගන්නා ලදී.
දින හතරක් (21-24) පුරාවට පැවැත්වුණු තරගාවලියේ පළමු දින තුනේ තරග කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීත්, අවසන් දිනයේ තරග කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන බොක්සිං පිටියේදීත් පැවැත්විණි.