ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලොක කුසලානයේ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ පාකිස්තාන විස්සයි20 නායක තමා ඒ පිළිබඳව නවැත සළකා බලන බව පවසයි.
පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම සිය හිතවතුන්ගෙන් විස්සයි20 පිටියෙන් සුමුනොගන්නා ලෙස සඳහන් කරමින් විශාල පීඩනයක් පැමිණ තිබෙන බවත් ඔහු පවසයි.
"ක්‍රිකට් පිටියෙන් සමුගන්න එපා කියමින් මට විශාල පීඩනයක් තිබෙනවා. කොහොම වුණත් මේ වන විට මම ලෝක කුසලානය ගැන පමණයක් සලකා බලමින් ඉන්නේ. ඒක මට විශාල අභියෝගයක්" යැයි අෆ්රිඩි පවසයි.
පසුගිය වසරේදී නිමාවූ එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අෆ්රිඩි එක්දින හා ටෙස්ට් පිටයට සමුදුන් අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ ලෝක කුසලාන තරගාවලිය සිය අවසන් විස්සයි20 තරගාවලිය වෙනු ඇති බවයි.