අහමදාබාද් යුනයිටඩ් දෙවැනි වරටත් PSL දිනයි
පකිස්තාන සුපර් ලීගය දෙවැනි වරටත් ජයග්රහණය කරන්නට අහමදාබාද් යුනයිටඩ් කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් පේෂාවර් සාල්මි කඩුළු 9ක් දැවී පන්දු වාර 20 තුළ ලකුණු 148ක් ලබාගත්තේය.
එහිදී ක්රිස් ජෝඩන් ලකුණු ලකුණු 36ක්, ලියාම් ඩෝසන් ලකුණු 33ක් සහ වහාබ් රියාස් ලකුණු 28ක් පේෂාවර් කණ්ඩායම වෙනුවෙන් ලබාගත් අතර, පන්දු යැවීමෙන් ෂදාබ් ඛාන් ලකුණු 25කට කඩුළු 3ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් ලූක් රොන්කි පන්දු 26කින් ලකුණු 52ක් ලපාගත් අතර එයට 6 පහර 5ක් සහ 4 පහර 4ක් අන්තර්ගත විය. ඔහු හා ඉනිම ඇරඹූ ෂහිබ්සාදා ෆර්හාන් පන්දු 33කින් ලකුණු 44ක් ලබාගත්තේය. ඒ අනුව පන්දු ඕවර් 16.5ක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 154ක් ලබාගනිමින් අවසන් තරගය ජයගන්නට අහමදාබාද් කණ්ඩායමට හැකිවිය. එහිදී හසාන් අලී, වහාබ් රියාස් සහ ක්රිස් ජෝඩන් කඩුළු දෙක බැගින් දවාගන්නට සමත් විය.
තරගයේ වීරයා සම්මානය ලූක් රොන්කි හිමිකරගත් අතර තරගාවලියේ වීරයා සම්මානයද ඔහුටම හිමි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

