ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද (06දා) රසියින් සුපර් ගෙයින්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි විස්සයි20 තරගය අද ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත හෙයින් ලසිත් මාලිංග හා අසේල ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.
ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මෙවර මුම්බායි කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට හා අසේල ගුණරත්නට අද තරගය අහිමි වෙනු ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන මාලිංග අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙයි.
අසේල ගුණරත්න මෙවර වෙන්දේසියේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදි ගත්තේය. මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර ඔහුගේ පළමු තරගයද මෙය වෙයි.