www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය අශාන් සිල්වාටත් දක්ෂතම යතුරුපැදි ධාවකයා සම්මානය කේ.පී. අරවින්ද්ටත් හිමි කරදෙමින් 23 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලියේ පළමු දිනය පෙරේදා (18දා) දියතලාවේදී නිමාවට පත්විය.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ධාවන ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩය සඳහා මෙවර තරගකරුවන් 14 දෙනෙකු සහභාගී වූ අතර, ඒ හේතුවෙන් මෙය තරගකරුවන් 7 දෙනා බැගින් වූ අදියර දෙකක් ආකාරයෙන් පවත්වනු ලැබීය.
ඉන්පසුව එම එක් එක් ඉසව්වෙහි මුල් ස්ථාන ලබා ගත් තරගකරුවන් පස් දෙනා බැගින් තරගකරුවන් දස දෙනෙකු තෝරා ඒ අතරින් අවසන් තරගයක් පවත්වා දක්ෂතම රියදුරා සම්මානය පිරිනමන ලදී.
දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගත් එම්.එක්ස් කාණ්ඩය ද අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර ද්විත්වයම ජය ගැනීමට කේ.පී. අරවින්ද් සමත් විය. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු හා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සහභාගී වූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd