පුහුණුකරුවෙකු යනු ක්‍රීඩාවක ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයෙකු හැදින්වීමේදී වරදක් නැත. ක්‍රීඩකයන් ජයග්‍රහණය කරා ගෙන යාමේ කායික හා මානසික ශක්තිය ලබාදෙන ප්‍රධානම භූමිකාවට ඔහු පනපොනවනු ලබයි.
කෙළිබිමෙන් තරුවක විශේෂාංගය හරහා දිගින් දිගටම අප ඔබ වෙත සමීප කළේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවගේ වගතුගය. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තනන පුහුණුකරුවෙක් පිළිබඳවද අප ඔබට මෙලෙස තොරුතුරු රැගෙන ඒමට කටයුතු කළෙමු
ක්‍රීඩකයෙකු හා රග්බි පුහුණුකරුවෙකු ලෙසින් සිය දක්ෂතා මැනවින් විදහා දැක්වූ ඔහු වර්තමානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර, පසුගියදා නිමාව දුටු ආසියානු කුසලාන රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. හෙතෙම නමින් සනත් මාටිස්ය.
Q. ආසියානු කුසලාන රග්බි තරගාවලියේ දැක්වූ දක්ෂතා ගැන ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම පුහුණුකරුවෙක් ලෙසින් ඒ පිළිබඳව මම සතුටු වෙන්නෙ නෑ. මොකද මට ඕන කළෙ ලංකාවෙ රග්බි විප්ලවයක් කරන්න. හොංකොං පරාද කරල අපිට කුසලානය කරා යන්න හොඳටම අවස්ථාව තිබුණා. මොකද අපේ කණ්ඩායම හොංකොං කණ්ඩායමට වඩා හොඳයි. අවසන් මොහොතේදී අපිට සිද්ධ වුණ අපහසුතා නිසා තමයි කුසලානයට යන්න බැරි වුණේ. පුහුණුකරුවෙක් ලෙස එම පරාජයේ වගකීම මම බාර ගන්නවා.
Q. මොනවද ඒ වෙච්ච අපහසුතා
ළමයින්ව පුහුණුවීම් සඳහා ගෙන්වා ගැනීමේදී ක්‍රීඩා සමාජවලින් නිදහස් කරගැනීමේ අපහසුව. මොකද ක්‍රීඩා සමාජ මගින් ඒ ළමයින්ට බල කරනවා පුහුණුවීම් සඳහා එන්න කියල. මේ තත්ත්වය උඩ ඒ ළමයින්ට මනස ඒකාකාරීව තියාගෙන පුහුණුවීම් සිදු කරන්න බෑ. කණ්ඩායමක් ලෙස එකට පුහුණුවීම් සිදු කරන්න බෑ. ඒව කණ්ඩායමක් ලෙසින් අපිට බලපානවා. ඒ නිසා මේ වගේ තත්ත්වයන් ඉදිරියේදී නැති වෙනව නම් හොඳයි.
Q. ලබන වර්ෂයේදීවත් මෙම ශූරතාව අපිට ලබා ගන්න පුළුවන් සැලැස්ම ඔබට පැහැදිලිද?
ලබන වර්ෂයේදී විතරක් නෙවෙයි හැම වර්ෂයේදීම අපිට මෙහි ශූරතාව ගන්න පුළුවන්. ඒ සඳහා අපේ සැලැස්ම මීට වඩා ඉහළ තත්ත්වයක තියෙන්න ඕන. මම දකින ආකාරයට ක්‍රිකට්වල වගේ රග්බිවලත් ගමෙන් ක්‍රීඩකයන් සොයාගන්නා වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ග්‍රාමීය හා කනිෂ්ඨ රග්බි ඇකඩමි අවශ්‍යයි. රග්බි ක්‍රීඩාවට ශරීර ප්‍රමාණයෙන් විශාල ක්‍රීඩකයන් අවශ්‍යයි. මම ගොඩක් වෙලාවට ඇඹිලිපිටිය, ඇහැලියගොඩ, කුරුණෑගල වගේ ග්‍රාමීය ප්‍රදේශවල එවැනි ක්‍රීඩකයන්ව දැකල තියෙනවා. ඒ වගේම පුහුණුකරුවන්ගේ මට්ටම් ඉහළ නංවන්න පුළුවන් නම් ඒ සමානුපාතිකව ශ්‍රී ලංකාවේ රග්බිත් ඉහළ නැංවෙයි.
Q. ඔබගේ තිබෙන දැඩිභාවය ක්‍රීඩකයන්ටත් පොදුයිද?
මෙහෙමයි. අපි හැමෝම ක්‍රීඩා කරන්නෙ රග්බි. මම ඒ ඒ අවස්ථාවට අනුව මගේ චරිතය මාරු කරනවා. උදාහරණයක් විදිහට ක්‍රීඩා පිටිය ඇතුළට ගියාම මම පුහුණකරුවෙක්. ඉන් පිටතට ආවහම තාත්ත කෙනෙක්, යාළුවෙක්.
Q. දැන් බොහෝවිට පාසල් පවා විදෙස් පුහුණුකරුවන් තම කණ්ඩායමට එක් කරගන්න වෙහෙසෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නෙ කොහොමද
ලංකාවෙ කාලයක් රෙෆ්රි (තරග තීරකයන්) හොඳ මදි කියල විදෙස් රෙෆ්රිල ආවා. පුහුණුකරුවන් හොඳ මදි කියල විදෙස් පුහුණුකරුවන් ආවා. ක්‍රීඩකයන් හොඳ මදි කියල විදෙස් ක්‍රීඩකයන් ආවා. දැන් ලංකාවෙ හොඳ මදි කියල විදේශයෙන් ගෙන්නන්න අඩුවෙලා තියෙන්නෙ ප්‍රේක්ෂකයන් විතරයි. මේකට ප්‍රධානම හේතුව ලංකාවෙ මිනිස්සු ගැන ලංකාවෙ මිනිස්සුන්ටම විශ්වාසයක් නෑ.
Q. ඔබ පාසල් පුහුණුකරුවෙකු ලෙසින් පාසල් තුනක් ලීග් ශූරතාවන් කරා ගෙන යාමට සමත් වුණා. මේ සාර්ථකත්වය පිළිබඳ සඳහන් කළොත්?
ඔව් , මම කොළඹ ඉසිපතන, ගල්කිස්ස ශාන්ත පීතර හා කොළඹ රාජකීය යන පාසල් තුන ලීග් ශූරයන් කරපු එක තමයි හැමෝටම මතක. නමුත් ඒ සෑම දේකටම වඩා මම සාර්ථක වුණ තැනක් තියෙනවා. ඒ තමයි මම 1993-1996 සමයේදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ පුහුණුවීම් කරපු කාලය. මොකද මම පාසලේ පුහුණුවීම් සිදු කරන්න භාර ගනිද්දි ඒ පාසලටම රගර් ගහන්න හිටියෙ ළමයි පස් දෙනයි. අවුරුදු දෙකක් ඇතුළත පාසල සමස්ත ලංකා %බී^ කාණ්ඩයේ රග්බි ශූරයන් කරන්න මම සමත් වුණා. ඒකෙන් නැවතෙන්නෙ නැතුව ඔවුන්ව පළමු කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට ගෙනල්ලා කුරුණෑගලින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම (ජ්‍යෙෂ්ඨ) නියෝජනය කළ ක්‍රීඩකයෙක් හදන්න මට පුළුවන් වුණා.
Q. ඒ සාර්ථකත්වයට යටින් මතු වූ අසාර්ථකත්වයක් නැද්ද
අනිවාර්යයෙන්ම, කාලයක් මගේ යටතේ අපරාජිත තරග වාර්තාවක් තිබ්බ ඉසිපතන විදුහලම මම පුහුණුකාරීත්වය දැරූ 2004 වර්ෂයේදී සියලුම තරග පරාජය වෙලා %බී^ කාණ්ඩයට වැටෙන්න සිද්ධ වුණා. ඒ නිසාම මාව ඉසිපතන විදුහලේ පුහුණුකාරීත්වයෙන් අයින් කළා. ඊට පස්සෙ 2005 වර්ෂයේදී මට ශාන්ත පීතර විදුහලේ පුහුණුකාරීත්වය ලැබුණත් පරාජය කියන දේ අපිව හොයාගෙන ආවා. එවර තරග වාරයේදීත් පළමු තරග තුනම ශාන්ත පීතර විදුහලට පරාජය වෙන්න සිද්ධ වුණා. නමුත් ඒ වෙලාවෙ එවකට ශාන්ත පීතර විදුහලේ විදුහල්පතිතුමා වුණ ට්රිලීෂියන් පෙරේරා පියතුමා හා ක්‍රීඩා සම්බන්ධීකාරක සුනිල් රංජිත් පියතුමා මට කථා කරල කිව්වා %අපිට ඔයාව විශ්වාසයි. ඒ නිසා දිගටම තමන්ගෙ වැඩේ කරගෙන යන්න කියල.^ ඒ දිරිමත් කිරීමත් එක්ක මම නැගිටල ආපු ගමන අදටත් මම යනවා.
Q. ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙක් ලෙස ඔබගේ ජීවිතය දෙස නැවත හැරී බැලුවොත්
මගේ පාසල කොළඹ ඉසිපතන විදුහල. එහිදී රග්බි ක්‍රීඩාවට පිවිසුණු මම ශ්‍රී ලංකා වයස 20 හා 23 පහළ කණ්ඩායම් නියෝජනය කළා. පාසල් කාලෙන් පස්සෙ ක්‍රීඩා සමාජය ලෙසින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමටත් මගේ සේවය මම ලබා දුන්නා. පුහුණුකරණ අත්දැකීම් ගැන කිව්වොත් පාසල් කාලෙදීම (1984/1985) තමයි මම විද්‍යාලයේ කනිෂ්ඨ රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළේ. ඊට පස්සෙ කුරුණෑගල ශාන්ත ආනා, බම්බලපිටිය ශාන්ත පීතර හා කොළඹ රාජකීය යන විද්‍යාලවල ප්‍රධාන පුහුණුකරු ධුරයේ මම කටයුතු කළා.
ක්‍රීඩා සමාජ මට්ටමින් කොළඹ හැව්ලොක්ස්, සී.ආර්.ඇන්ඩ් ඒෆ්.සී , සී.එච්.ඇන්ඩ් එෆ් සී. , යුද හමුදා, කුරුණෑගල රග්බි ක්‍රීඩා සමාජ යන කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙසින් මම කටයුතු කරල තියෙනවා. ඒ අතරම ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ (සහාය පුහුණුකරු) ලෙසින් කටයුතු කරලත් තියෙනවා.
Q. ලංකාවේ වර්තමානයේදී පාසල් ක්‍රීඩකයෙක්ට ජ්‍යෙෂ්ඨ සංචිතයට එන්න නිවැරදි ක්‍රමවේදයක් නෑ කිව්වොත්
ඔව්. පාසල් රග්බි කාලෙන් පස්සෙ එන ශ්‍රී ලංකා වයස 20 පහළ සංචිතයට තේරෙන ළමයි ගත්තොත් ඒකෙ ඉන්න අති දක්ෂ ළමයි කීප දෙනෙක් ඉහළට යනව. නමුත් එහෙම නැති කීප දෙනෙක් කඩා වැටෙනවා. මොකද වයස 23 පහළ වගේ තරගාවලි ශ්‍රී ලංකාවෙ නැති නිසා. එහෙම වුණාට පස්සෙ ඒ ළමයි රග්බි අතහරිනවා. මොකද අද ළමයින්ට ඕනතරම් අතිරේක දේවල් තියෙනවා කරන්න.
ඡායාරූප ඉසුරු පෙරේරා