සංජීව ධර්මසේන / බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ සිට
(Update)
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08 කින් පරායජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (06දා) සමත්විය.
ආසියානු ශූරයන් ලෙස ඉන්දියාව අභිසෙස් ලැබූ 06 අවස්තාව මෙය වන අතර, ඒ අනුව ඔවුන් ආසියානු කුසලානය වැඩිම සංඛ්‍යවක් දිනාගත් කණ්ඩායම වේ. මීට පෙර ශ්‍රී ලංකාව (5) සමගින් ඔවුන් සමතැන් පසුවිය. මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමට දෙවැනි වරටත් ආසියාවේ දෙවැනි බලවතාවීමෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය. අවසන් වරට ඉන්දීය කණ්ඩායම 2010 වසරේ ආසියානු ශූරයන් වී සිටි අතර, බංග්ලාදේශය 2012 වසරේ අනුශූරයන් වී සිටියහ.
1984 වසරේ ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ පැවති පළමු විස්සයි20 තරගාවලිය මෙය වූ අතර, මෙතෙක් පැවති තරගාවලි එක්දින තරග කාණ්ඩයෙන් පැවැත්විණි.
බංග්ලාදේශ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 121 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 13.5 වැනි පන්දුවාරයේදී කඩුලු 02 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 120 රැස්කිරීමට සමත්විය.
තරගයේ වීරයා ලෙස ශිකර් දවාන් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස සබීර් රෙහමාන් සම්මාන දිනාගත්තේය.
වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ආරම්භය පැය දෙකක් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 15කට සීමා කෙරිණි.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
ඉන්දියාව පන්දු යැවීම තෝරගනියි
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධාන කළේය.
තරගය 9.00 ආරම්භවේ
වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට ප්‍රමාද වූ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.00 ආරම්භකිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත. කෙසේ නමුන් එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමාකර ඇත.
වර්ෂාව නවතියි
ඇඳ හැලෙමින් තිබූ වර්ෂාවන වේ වනවිට නතරවී ඇති අතර, ආවරණ ඉවත්කිරීම සඳහා පරීක්ෂා කරමින් සිටියි. මීට විනාඩි කිහිපයකට පෙර හිස්ව තිබූ ප්රේක්ෂකාගාර මේ වනවිට නැවතත් පිරී ඇත.කෙසේ නමුත් තරගය ආරම්භ කිරීම තව බොහෝ වේලාවක් ප්‍රමද වනු ඇත.
වර්ෂාව අඩු නොවන හැඩ
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ට අද (06දා) ඓතිහාසික දිනයක් වන අතර, ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ඔවුන් අවසන් මහා තරගයක් ක්‍රීඩාකරන දෙවැනි අවස්ථාව මෙය වේ. කෙසේ නමුත් අද පෙරවරුවේ සිට ක්‍රීඩාංගණයට ඇතුවීමට උත්සහා දැරූ මෙරට ජනතාවගේ සියලු බලාපොරොත්තු ඇඳහැලෙන වර්ෂාවෙ හේතුවෙන් සම්පුර්ණයෙන් මේ වනවිට බිඳවැටී ඇත.
මේ වනවිට විදුලි ආලෝක පද්දතිය යථා තත්ත්වයට පත්ව ඇතත්, ඇඳහැලෙන වර්ෂාවේ අඩුවක් නැත. වර්ෂාවට අමතරව දැඩි අකුණු ගැසීමේ තත්ත්වයක්ද දැක ගැනීමට තිබේ. මෙය බංග්දේශයේ වර්ෂා සමය වේ. කෙසේ නමුත් තරගාවලියේ පෙර පැවති කිසිඳු තරයකට වර්ෂාවෙන් බාධා නොවූ අතර, අවසන් වරට වර්ෂාව ඇඳහැදී ඇත්තේ දින 50 කට පමණ පසුව වේ.
අවසන් මහා තරගයට වැස්ස හරස් වෙයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (06දා) ප.ව. 7.00 ආරම්වීමට නියමිතව ඇත. ඉන්දියාව සමගින් සත්කාරක බංග්ලදේය තරග වැදීමට සූදාමින් සිටියි.
කෙසේ නමුත් මේ වනවිට ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින අතර, ක්‍රීඩාංගණය වටා තිබෙන විදුලි ආලෝක පද්ධතියද සම්පූර්ණයෙන් ඇණහිට අන්ධාකාරයෙන් වැසී ඇත.
මේ වනවිට බංග්ලාදේශ වේලාවෙන් ප.ව. 6.50 වේ. කෙසේ නමුත් ඇද හැලෙන වර්ෂාව හේතුවන් තරගය නියමිත වේලාවට ආරම්භ කළ නොහැකි තත්ත්වක් උත්ගතවී ඇත.