සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (09දා) සමත්වූයේය.
ඒ දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයද ලකුණු 117කින් ජයගනිමිනි. මෙල්බර්න් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 264ක් රැස්කළේය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් ලකුණු 156ක් රැස්කිරීමට සමත්වූයේය.
ලකුණු 65ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ලකුණු 147ට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.