ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යක්ෂවරයෙකු ලෙස සහභාගි වීමට අවසර හිමිව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා %අද^ ට පැවසීය.
පසුගියදා (24දා) රැස්වුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමට තිලංග සුමතිපාල මහතා සහභාගී වූ බවත් මින් ඉදිරියට අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා නියෝජනය කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.