ලෝක කුසලාන රග්බි තරගාවලියේ මූලික වටයේ අවසන් තරග ඊයේ (11දා) අවසන් වූ අතර, ඒ අනුව මේ වනවිට අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා සිටියි. ඊයේ පැවති තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට අයර්ලන්තය, ජපානය, ආර්ජන්ටිනාව හා ඉතාලිය සමත්විය. කෙසේ නමුත් මෙම තරග වලින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ අයර්ලන්තය, ප්‍රංශය හා ආර්ජන්ටිනාව පමණි. මෙම කණ්ඩාම් දෙකට අමතරව මෙම වටයට ඔස්ට්‍රේලියාව, නවසීලීන්තය, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය හා වේල්සය සුදුසුකම් ලබා සිටියි.
අයර්ලන්තය 24 - 09 ප්‍රංශය
තරගාවලියේ 'ඩී' කාණ්ඩයේ පැවති තරගයකින් වත්මන් ලෝක අනුශූර ප්‍රංශය පරාජය කර ලකුණු 24 - 09 ක් ලෙස පහසු ජයක් ලැබීමට අයර්ලන්තය සමත්විය.
අයර්ලන්ත ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 04ක් සාර්ථාක කරගැනීමට සමත්වූ අතර, ප්‍රංශ ක්‍රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ දඩුවම් පහර 03ක් පමණි. කෙසේ නමුත් මෙම කණ්ඩායම් දෙකම මේ වනවිට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
ජපානය 28 - 18 ඇමරිකාව
මේ අතර 'බී' කාණ්ඩයේ පැවති තරගයකින් ඇමරිකාව පරාජය කර ලකුණු 28 - 18 ක් ලෙස ජය ලැබීමට ජපානය සමත්විය.
මෙම තරගාවලියේ ජපානය ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය වේ. කෙසේ නමුත් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. ගෝල දිනුම් 02ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 03ක් සාර්ථක කරගනිමින් ජපාන ක්‍රීඩකයෝ සිය ජයග්‍රහණය තහවුරු කරගත් අතර, ඇමරිකානු ක්‍රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 02 ක් පමණි.
ඉතාලිය 32 - 22 රුමේනියාව
මෙම තරගාවලියේ ඩී කාණ්ඩයේ පැවති තවත් තරගයකින් රුමේනියාව පරාජය කර ලකුණු 32 - 22 ක් ලෙස පහසු ජයක් ලැබීමට ඉතාලිය සමත්විය.
ගෝල දිනුම් 03ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 02ක් සාර්ථක කරගැනීමට ඉතාලිය සමත්වූ අතර, රුමේනියාවට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුම් 02ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් පමණි. මෙම කණ්ඩායම් දෙකටම මෙවර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
ආර්ජන්ටිනාව 64 - 19 නැමිබියාව
නැමිබියාවට එරෙහිව සී කාණ්ඩයේ පැවති තරගයකින් ලකුණු 64 - 19 ක් ලෙස පහසු ජයක් ලැබීමට ආර්ජන්ටිනාව සමත්විය.
ගෝල දිනුම් 08ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආර්ජන්ටිනාව සාර්ථක කරගනිද්දී, නැමිබියාවට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුම් 02ක් හා උත්සාහක දිනුමක් පමණි.