සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර ඊයේ (13දා) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 02ක තියුණු ජයක් ලැබීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත්විය. කෙසේ නමුත් තරගතුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙක ජයගත් සිම්බාබ්වේ තරගාවලියේ ජය හිමිකරගත්තේය.
හරාරේහි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49.2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 187 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කණ්ඩායම තරගයේ 46.5 වැනි පන්දුවාරයේදී ලකුණු 189/8 ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.
මෙම තරගය සිම්බාබ්වේ හා අයර්ලන්තය අතර පැවැති නව වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර, ඉන් මේ දක්වා සිම්බාබ්වේ තරග පහක් ජයගෙන තිබේ. තරග තුනක් අයර්ලන්තය ජයගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සමවී අවසන්ව ඇත. එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය ඔවුන් 2013 වසරෙන් පසු ලැබූ පළමු එක්දින තරගාවලි ජය වන අතර, අවසන් වරට බංග්ලාදේශ කණ්ඩායම සිම්බාබ්වේ සිදුකළ තරග සංචාරයේදී තරග 2-1 ක් ලෙස තරගාවලිය ජයගෙන තිබුණි.
මෙම තරගයේ වීරයා ලෙස අයර්ලන්තය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ටිම් මර්ටාග් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව