විනිසුරුවන් ලබාදෙන තීරණ විවේචන කර තමන්ට එළබෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තහනම් කරගැනීමේ කිසිදු උවමනාවක් නැති බව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පැවසීය.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (27දා) ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමන් දෝනි මේ බව පවසා සිටියේය. මෙම තරගයේදී පාකිස්නාත පිතිකරු කුරාම් මංසූර්ගේ අත්ආවරණයේ වැදීගිය ගිය පන්දුව දෝනි විසින් රැකගෙන විනිසුරුගෙන් ඉල්ලීමක් කළද, එය නොදැවීමක් ලෙස සටහන්කිරීම පිළිබඳව තමන්ගේ අදහස් ගැන කළ විමසීමට පිළිතුරු දෙමින් දෝනි මේ බව පවසා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ දෝනි පවසා සිටියේ, ලෝක කුසලාන තරගාවලිය පටන්ගන්න තව වැඩි කාලයක් නැහැ. එමනිසා විනිසුරන් ලබාදෙන තීරණ විචෙනය කරලා ලෝක කුසලානය තහනම් කරගන්න මට ඕනි නැහැ (සිනහවකින්) යනුවෙනි.
ඊයේ පැවති තරගයේදී අශිෂ් නෙහරා යොමුකළ පන්දුවකට කුරාම් මන්සූර් පහරක් එල්ල කිරීමේදී එය ඔහුගේ අත්ආවරණයේ වැදී ගිය අතර, එය දෝනි විසින් රැකගෙන විනිසුරුගෙන් ඉල්ලීමක් කළේය. කෙසේ නමුත් එය විනිසුරු විසින් අත්ආරවරණයේ නොදැවුණු ලෙස සලකා මන්සූරු නොදැවුණු පිතිකරුවෙකු ලෙස සඳහන් කර සිටියේය. කෙසේ නමුත් රූපරාමු නැවත පෙන්වීමේදී එය පැහැදිලිවම අත්ආවරණයේ වැදීයන බව පෙණුනි.
“ විනිසුරුවෙක් ලෙස කටයුතු කරනවා කියන්නේ අමාරු ජොබ් එකක්. ප්‍රේක්ෂකයන්ගේ හා අවට ශබ්දත් එක්ක තීරණ ලබාදීම අපහසු කටයුත්තක්. ඒ වගේම අද විනිසුරුවන් ශ්‍රවණ උපකරණ (Ear Piece) භාවිතා කරනවා. එමනිසා එක කනයි ඇහෙන්නේ. නමුත් පන්දු යවන්නාට, කඩුලු රකින්නට කන් දෙකෙන්ම ඇහෙනවා. කෙසේ නමුත් විනිසුරුවන් ලබාදෙන තීරණ විවේචනය කරලා මට ලෝක කුසලාන තරගාවලිය තහනම් කරගන්න ඕනි නැහැ” යැයි පැවසීය.
මෙහිදී සිනහවකින් අදහස් දක්වමින් දෝනි පවසා සිටියේ, තරගය තුලදී තමන් යම්කිසි වැරදි වචනයක් කීවොත් කඩුල්ලේ තිබෙන මයික්‍රෆෝනයේ ඒ සියල්ල රෙකෝඩ් වන බවයි. එවිට තරග තීරක ඒ සම්බන්ධයෙන් තමන්ට ලබාදිය හැකි තීරණ ගන්නා බවයි. කෙසේ නමුත් වෙනත් අයෙකු වැරදි වචනයක් හෝ වෙනත් යමක් කීවොත් එය රෙකෝඩ් නොවන බවත්, එය හරිම ගුප්ත බවත් පැවසීය.
“ මම මොනවා හරි කීවොත් ඒ ඔක්කොම රෙකොඩ් වෙනවා. නමුත් වෙනත් අය කියන දේවල් රෙකොඩ් වෙන්නැහැ. මම දන්නැහැ ඇයි හැමවෙලාවෙම මම කියන හැමදේම රෙකෝඩ් වෙන්නයි, අනික් අය කියන දේවල් රෙකෝඩ් නොවෙන්නයි හේතුව. ඒ දේවල් හරිම ගුප්තයි ”.