ශ්‍රී ලංකා බේස්බෝල් ජාතික කණ්ඩායමේ පුහුණුකරු ජපන් ජාතික හිදෙකි කොයාමා (Hideki Kayama) මහතාගේ ජංගම දුරකථනය පෙරේදා (30දා) දිනයෙහි 163 නුගේගොඩ - බත්තරමුල්ල බස් මාර්ගයේ බස් රථයක හෝ 190 මීගොඩ - පිටකොටුව බස් මාර්ගයේ බස් රථයක ගමන් කරමින් සිටියදී අස්ථානගත වී තිබේ.
ෂාර්ප් ඇක්වා ඇන්ඩ්‍රොයිඩ් (Sharp Aqua Android) වර්ගයේ දුරකථනයක් වන එහි ඒ මහතාගේ සියලු දුරකථන අංක ඇතුළත්ව ඇති හෙයින් එය සොයාගත් පුද්ගලයෙකු වේ නම් ලබාදෙන මෙන් ඉල්ලා සිටියි. එමෙන්ම එය නැවත ගෙනැවිත් ලබාදෙන පුද්ගලයෙකුට හිදෙකි මහතා වටිනා ත්‍යාගයක්ද ලබාදීමට සැලසුම් කර තිබේ.
හිදෙකි මහතා ගමන්ගත් 163 බස් රථයකදී හෝ 190 බස් රථයකදී එම ජංගම දුරකථනය 30 වැනිදා පෙරවරු 11.00ත් 11.30ත් අතර කාලය තුළදී අස්ථානගත වී ඇති අතර, පාගොඩ මාර්ගය ආශ්‍රිතව හෝ ඇතුල්කෝට්ට ආශ්‍රිතව එය අස්ථානගතව ඇති බව කොයාමා මහතා පවසයි. එම ජංගම දුරකථනය ජපන් භාෂාවෙන් ක්‍රියාකරන ජංගම දුරකථනයක් හෙයින්ද ජපන් රජය සමග පවතින සියලු දුරකථන අංක හා දත්ත එහි අඩංගුව ඇති හෙයින්ද එය කොයාමා මහතාට අතිශය වැදගත්ව තිබේ.
එබැවින් යම්කිසි පුද්ගලයෙකු එම ජංගම දුරකථනය සොයාගෙන ඇතිනම් දුරකථන අංක 0777-956877 යන අංකයෙන් එල්.ඒ. මංජුල නිශාන්ත මහතා ඇමතීමෙන් හෝ හිදෙකි කොයාමා මහතාගේ ෆේස්බුක් පිටුව වන Hideki Koyama පිටුවට පණිවුඩයක් තබන මෙන් ඉල්ලා සිටියි.හිදෙකි කොයාමා මහතා මෙරට බේස්බෝල් ක්‍රීඩාවේ ජාතික පුහුණුකරු වශයෙන් පත්ව එනු ලබන්නේ ජපන් රජයේ විශේෂ ආරාධනාවකට අනුවයි.