අපි තරගය දිනන්න උත්සාහ කරනවා - මැතිව්ස්
පාස්තානය හා හෙට (30දා) දඹුල්ලේදී පැවැත්වෙන තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය සඳහා හොඳින් සූදානම්වූ බවත්, තරගයට ධනාත්මකව පිවිස ජයග්‍රහණය කිරීමට උත්සාහ දරණ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
දඹුල්ලේදී අද (29දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම ආබාධයකට ලක්ව සිටි මහේල ජයවර්ධන සුවය ලබා සිටින බවත් ඔහු හෙට තරගයට එක්වෙනු ඇති බවත් මැතිව්ස් පැවැසීය.
සහීඩ් අජ්මාල් හෙට තරගයට එක්වීම පීඩනයක්ද යනුවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිව්ස්.
"පීඩනයක් නෑ. අපි දන්නවා අජ්මාල් දක්ෂ පන්දුයවන්නෙක් කියලා. මෑත කාලයේදී අපි හොඳින් ක්‍රීඩා කරනවා. ඔහුට එරෙහිව ලකුණු රැස්කිරීමට බලාපොරොත්තු වෙනවා." යැයි පැවැසිය.
තෙවැනි එක්දින තරගයට වෙනසකින් තොරව යාමට බොහෝ ඉඩක් තිබෙන බවද මැතිව්ස් පෙන්වා දුන්නේය. දඹුල්ල විකට්ටුව වේග පන්දුයවන්නට සහයෝගය දක්වනු ඇති බවට විශ්වාස කළ හැකි බවද මැතිව්ස් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

