චීනයේ බීජිංහි පැවැත්වෙන 15 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මැරතන් ඉසව්වේ 29 වැනියා ලෙස තරගය අවසන් කිරීමට ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට ඊයේ (22දා) සිදුවිය. මෙහි ආසියානු කලාපය නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් ඔහුට 05 වැනි ස්ථානය හිමිවිය.
ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5.05 ඇරඹි මෙම තරගය අවසන් කිරීම සඳහා අනුරාධට පැය 2.25.04 ක කාලයක් ගතවිය.
කෙසේ නමුත් වත්මන් මැරතන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අනුරාධ මෙම ඉසව්ව පැය 2.13.47 ක කාලයකින් අවසන් කර ඇති අතර, එය මෙම තරගයේ සිව්වැනි ස්ථානය දිනාගත් ඉතාලි ක්‍රීඩකයා වාර්තා කළ පැය 2.14.23 කාලය අභිබවායාමකි. එමෙන්ම මෙහි ලෝකඩ පදක්කම දිනාගත් උගන්ඩාවේ මන්යෝ සොල්මන් වාර්තාකළ පැය 2.13.30 කාලයට ලගාවීමකි.
මෙහි රන් පදක්කම් අප්‍රිකානු රටක් වන එරිට්රියාහි ගිර්මේ ගෙබ්රිස්ලෙස්සි (පැය. 2.12.28) විසින් දිනාගත් අතර, රිදී පදක්කම ඉතියෝපියාවේ යෙමෙනී සෙගේ (පැය. 2.13.08) විසින් දිනාතගත්හ.
මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 68 දෙනෙකු තරඟ වැඳුණහ. කෙසේ නමුත් මින් තරගය අවසන්කිරීමට හැකිවූයේ ක්‍රීඩකයන් 42 පමණි.