චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා ගීතානි රාජසේකර සහභාගී වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද (12දා) නිවේදනය කළේය.
මෙම දෙපළම මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ශූරතාවලියට සහභාගී වෙති. ඔවුන්ට අමතරව සජිත් ජයලාල් මහතා කණ්ඩායම් කළමනාකරු වශයෙන්ද, එස්.පී. ද සිල්වා මහතා නිරීක්ෂක වශයෙන්ද මෙම සංචාරයට එක්වෙති.
චීනයේ බීජිංහිදී මේ මස 22 වැනිදා සිට 30 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 18 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියද හිමිවී තිබේ.