ශ්‍රී ලංකා දිගුදුර ධාවන ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 41 වසරකට පෙර පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවක් බිඳහෙළීමට ඊයේ (26දා) සමත්විය. එංගලන්තයේ පැවැති ලන්ඩන් මැරතන් ධාවන තරගාවලිය පැය 2 මි.13 තත්. 47 කාලයකින් අවසන් කරමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීය. අනුරාධ විසින් එහිදී බිඳ හෙළනු ලැබුවේ 1974 වර්ෂයේදී එස්.එල්.බී. රෝසා විසින් ජපානයේ ෆුකෝකා අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී පැය 2 මි. 14 තත්. 02 කින් අවසන් කර පිහිටුවා තිබූ වාර්තාවයි.
කෙසේ නමුත් ලන්ඩන් මැරතන් තරගයේ දී අනුරාධ තරගය අවසන් කළේ 14 වැනියා ලෙසය. එය ඔහු ලන්ඩන් මැරතන් තරගාවලියක දී වාර්තා කළ හොඳම ස්ථානය වේ. එම ජයග්‍රහණයත් සමග එළඹෙන 2016 වසරේ ඔලිම්පික් තරගාවලියට හා මෙම වසරේ බීජීංහිදී පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියටද සුදුසුකම් ලබාගැනීමට අනුරාධට හැකිවූ බව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.