අන්තර් සමාජ සත් සාමජික රග්බි තරගාවලියට එළඹෙන වර්ෂයේ පටන් විදෙස් ක්‍රීඩකයන් සහභාගි කර ගැනීමට අදහස් කරන බව ශ්‍රීලංකා රග්බි සංගමයේ උපසභාපති ලසිත ගුණරත්න මහතා පැවසීය.
තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පසුගියදා (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ලසිත මහතා පැවසුවේ මෙම වසරේ පැවැත්වෙන අන්තර් සමාජ ලීග් තරගාවලියටද විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට අවසර ලබාදී ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලසිත මහතා,
&මේ වසරේ අපි විදෙස් ක්‍රීඩකයන් ගෙන්වන්න අවසර දීල තියෙන්නේ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු කණ්ඩායමට ඇතුළත් කරන්න පුළුවන් කියලා*යැයි පැවසීය.
මේ අතර අදියර දෙකකින් යුත් මෙවර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර හෙට (02දා) හා අනිද්දා (03දා) පැවැත්වෙන අතර, දෙවැනි අදියර එළඹෙන 16 හා 17 යන දෙදින තුළදී පැවැත්වේ. මෙම අදියර ද්විත්වයම කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.