ක්‍රිකට් අතුරු පාලක කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුළ පැවැති අනවබෝධය දුරලීමට ශ්‍රී ලංකා දූත පිරිස හා අයි.සී.සී.ය අතර පැවැති සාකච්ඡාවලදී හැකි වූ බව ක්‍රීඩා ඇමති නවීන් දිසානායක කියයි.
පසුගිය මැයි 06 වැනිදා අමාත්‍ය නවීන් දිසානායක, ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් සහ සාමාජික නුස්කි මොහොමඩ් යන මහත්වරුන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන් සහ එහි උපදේශක ඉයන් හිගින්ස් යන මහත්වරු ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාර්යාලයේදී අතුරු කමිටුව පිළිබඳව සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙහිදී අතුරු පාලක කමිටුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. මෙම සාකච්ඡාව සුබවාදීව නිමවූ බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයඅනවබෝධයකින් පසුවන්නේ නම් එම අනවබෝධ තත්ත්වයන් දුරලීමටද මෙම සාකච්ඡාව පදනමක් වූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදීද ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්රයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වීම සඳහාද මෙහිදී එකඟත්වය පළවූ බවත් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් නිවේදනේ වැඩිදුරටත් දැක්වෙයි.