නිලවරණයකින් පත්වුණු ක්‍රිකට් පරිපාලනයක් සිටියදී එම පරිපාලනය අධීක්ෂණය සඳහා පරිපාලන කමිටුවක් දැමීම අනවශ්‍ය ක්‍රියාවක් බවත්, අතුරු කමිටු ඉල්ලා කෑ ගහන පුද්ගලයන් තමන්ගේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ට ක්‍රිකට් පිත්තක් අල්ලන හැටිවත් කියාදී නොමැති බවත් ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා 'අද' පුවත්පතට පැවසීය.
එමෙන්ම ඉතාමත් ඉක්මනින් ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා සියලුම සාමාජික සංගම්වලින් නිර්දේශ ඉල්ලා ලිපි යවා ඇති බවත් ඒ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා,
“ක්‍රිකට් ආයතනයේ නිලවරණය කලිනුත් සමහර අය අතුරු කමිටු පිළිබඳව ප්‍රකාශ නිකුත් කළා. ඒ අය ඔය මතය ප්‍රමෝට් කරනවා. ඕකේ දෙපැත්තක් තිබෙනවා. ඔය කතා කරන අය එක් කෙනෙක්වත් ඔවුන් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජවලට අතහිත දීලා, වැඩ කරලා, ක්‍රීඩාව දියුණු කරන්න දායකත්වයක් දැක්වූවාද කියන කාරණය ප්‍රශ්නයක්. ඒ අය තනතුරුවලට පත්වුණාම ඇවිල්ලා ඉඳගන්නවා. නමුත් ඔය කතා කරන අය ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ තමන්ගේ ක්‍රීඩා සමාජවලට ගිහිල්ලා එක ක්‍රීඩකයෙකුටවත් පිත්තක් අල්ලන්න කියලා දීලා තියෙනවද" යැයි පැවසීය.