පාකිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්රීඩක සහීඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇත. ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් පසුව අජ්මාල්ගේ ඉරියව්ව සැකසහිත බවට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව දින 21ක් තුළදී ඔහු පරීක්ෂාවට ලක්කරනු ඇත.
කෙසේ නමුත් අජ්මාල්ට දෙවැනි ටෙස්ට් තරගය ක්රීඩා කිරීමට අවස්ථාව හිමිවෙයි. ඔහු මීට ඉහතදීත් 2009 වසරේදී පන්දු යැවීමේ ඉරියව්ව ගැන ගැටලුවකට මුහුණ දුන් අතර එහිදී කරනු ලැබූ පරීක්ෂණයේදී ඔහු නිදොස් බවට සනාථ විය.