පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක සහීඩ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවත් ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී නැවතවරක් පන්දු යැවිය හැකි බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් අනතුරුව කරනු ලැබූ දෙවැනි පරීක්ෂණයෙන් ඔහුගේ ඉරියව්ව නිවරදි බව තහවුරු වී තිබේ.
මේ අතර බංග්ලාදේශයේ දග පන්දු යවන ක්‍රීඩක සොහැග් ගාසිගේ පන්දු යැවීමේ ඉරියව්වද නිවරදි බවද අයි.සී.සී. ය සඳහන් කරයි.