අංක එකට ආ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමට අනුව නැවතත් අංක එක ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිනාගෙන තිබේ. ඒ ප්‍රසාද ලකුණු 112 ක් හිමිකර ගනිමිනි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වාර්ෂිකව පිරිනැමෙන ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලද හිමිවේ.
නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගැනීමට හැකිවීම නිසා ඔස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීමේහි අංක එකට පත්විය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කණ්ඩායම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ප්රදානය කරන අතර, එහි තෝරාගැනීම් අප්‍රේල් මස 01 වැනිදායින් නිමවේ. කෙසේ වෙතත් ඉදිරි මාස දෙක තුළදී කිසිදු රටකට ටෙස්ට් තරග නොමැති හෙයින් දැනට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අදාළ ත්‍යාග මුදල පිරිනමා ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 110ක් ලබමින් දෙවැනි ස්ථානයයේ පසුවන ඉන්දීය කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 500,000 ක්ද, ප්‍රසාද ලකුණු 109 ක් ලබමින් තෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 200,000 ක්ද ප්‍රසාද ලකුණු 106 ලබමින් සිවුවැනි ස්ථානයේ පසුවන පාකිස්තානු කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 100,000 ක්ද ත්‍යාග මුදල් වශයෙන් හිමිවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

