ජපානයේ ගිෆු නුවරදී පැවති 18 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්රීඩා තරගාවලිය අද (10දා) නිමාවට පත් වූ අතර, මෙවර තරගාවලියේදී මෙරට මළල ක්රීඩා ඉතිහාසයේ ඉහළම දක්ෂතාව දක්වමින් ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ රන් පදක්කම් 03ක් , රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වූහ.
එහිදී අරුණ දර්ශන මීටර් 400 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක්, පාරමී වසන්ති මාරිස්ටෙලා මීටර් 3000 බාධක දීවිමේ ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ 400×4 බාලක සහාය දිවීමේ ඉසව්වෙන් අරුණ දර්ශන ප්රමුඛ කණ්ඩායම රන් පදක්කමක් ඇතුළු රන් පදක්කම් 03ක් දිනා දුන්හ.
පසිඳු කොඩිකාර මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක්ද ඩිල්ෂි කුමාරසිංහ මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක්ද අමාෂා ද සිල්වා මීටර් 100 සහ 200 ඉසව්වෙන් රිදී පදක්කම් 02ක් ඇතුළු රිදී පදක්කම් 04ක් හිමි කර ගැනීමට සමත් වූහ.
ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද 400×4 බාලිකා සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමද ඇතුළු ලෝකඩ පදක්කම් 02ක් හිමි කරගැනීමට සමත් වූහ.
මෙවර තරගාවලියේ ජය ජපානය හිමි කර ගත් අතර ශ්රී ලංකාවට 05 වැනි ස්ථානය හිමි විය.