1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධානතම ක්රීඩකයන් සිවු දෙනෙකු මේ වන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හා විවිධ තනතුරු ලබාගෙන එක්ව තිබේ.
එම තරගාවලියේදී ශ්රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් වූ සනත් ජයසූරිය වත්මන් ක්රිකට් තේරීම් කමිටු සභාපති වන අතර රොමේෂ් කළුවිතාරණ තේරීම් කමිටු සාමාජිකයෙකි.
96 ක්රිකට් කණ්ඩායමේ අංක තුන පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු බවට පත්ව තිබේ. එම තරගාවලියේ අවසන් තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා ප්රධාන උපදේශක ලෙස කටයුතු කරයි.