saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 9532 hours ago

LATEST

කොරෝනා නිසා අත්‍යන්ත සටන් තරගාවලි පෞද්ගලික දූපතක?

calendar_today 2020 අප්‍රේ 08 - 14:58 remove_red_eye - 257  

කොවිඩ්-19 වෛරසයේ (කොරෝනා වෛරසය) ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය අත්‍යන්ත සටන් තරගාවලි ( UFC) පෞද්ගලික දූපතක පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ලෝක අත්‍යන්ත සටන් තරගාවලියේ සභාපති ඩැනා වයිට් පවසයි.

බ්‍රිතාන්‍ය ටෙනිස් සංගමය හෙවත් ලෝන් ටෙනිස් සංගමය එරට පුහුණුකරුවන්, නිලධාරීන් සහ ක්‍රීඩකයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක ආධාර පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

Read More

සනත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක බෙදයි කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ඇතුළත් වියළි සලාක බෙදාදීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය කටයුතු කර තිබුණි.

Read More

පස් වරක් එන්බීඒ (NBA) ශූරයකු සහ ලීග් ඉතිහාසයේ සිව්වන වරට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වන ලේකර්ස් පැසිපන්දු කණ්ඩායමේ කෝබේ බ්‍රයන්ට් පැසිපන්දු Hall of Fame සමාජයට නම් කර තිබේ.

Read More

සමාජ දුරස්ථ භාවය කඩ කළ නවසීලන්ත සුපිරි රග්බි ක්‍රීඩක (All Blacks කණ්ඩායමේ) රිචී මෞන්ගා ඇතුළු තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් නියෝජනය කරන කෘසේඩර් (Crusader) ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබේ.

Read More

වත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්‍රදානය කර තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.

Read More

සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා කාලගුනය සහ දේශගුණය හරස්වීමෙන් ඇතිවන ගැටලුවට පිලියමක් ලෙස භාවිත කළ ඩක්වර්ත් ලුවිස් න්‍යායේ නිර්මාතෘවරයෙකු වන ටෝනි ලුවිස් ජීවිත ඉනිම නිමාකර තිබේ. මිය යනවිට හෙතෙම 78 වැනි වියෙහි පසුවිය.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කොරෝනාවට එරෙහිව සටන් වදින පිරිසට සහය පතමින් සිය හිස මුඩුකොට ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් ඔහු තබා ඇත්තේ තමන් විසින්ම හිස මුඩු කරනා වීඩියෝවද ඇතුලත් කරමිනි.

Read More

එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. මියයන විට 71 හැවිරිදි වියේ පසුවන හොජ්කිස් 2017 වර්ෂයේ සිට ලැන්කෂයර් සභාපති ධුරය හොබවා ඇත

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ජොස් බට්ලර් පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී භාවිතා කළ සිය ක්‍රීඩා ඇදුම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. ඒ ලෝකය පුරා පැතිරීයන කොරෝනා වෛරසය මැඩලීමට අරමුදල් රැස් කිරීමටය.

Read More

කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.

Read More

ලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඊයේ (30දා) අයිස් හොකී ක්‍රීඩාවේ නිරතව තිබේ.

Read More

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

Read More

ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.

Read More

කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Read More

කොරෝනා (කෝවඩ්-19) වසංගතයෙන් ඉතාලියම ඇලලී යන මොහොතේදී සිය ක්‍රීඩා සමාජය තවදුරටත් අපහසුතාවයට පත් නොකිරීම ඔවුන් අරමුණුයි.

Read More

කෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි

Read More

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල කල් දැමීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ කොවිඩ්-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

Read More

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය කටයුතු කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ඊයේ (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම මීට අමතරව දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි කිහිපයක්ද නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.

Read More

බංග්ලාදේශයේ ප්‍රිමියර් (ප්‍රමුඛ පෙළ) ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 50්‍ක් කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට එරෙහිව කටයුතු කිරීම සඳහා සකස් කර ඇති අරමුදලකට දායක වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයට අයත් සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබා දී තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුර් රසාක් එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කොට ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුම (බිග් මැච්) වන ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි

Read More

ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.