ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස නලින් අපොන්සු මහතා තේරී පත්ව ඇත. පසුගියදා පැවැති එම සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඔහු සභාපති ලෙස තේරීපත්ව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම, ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන අපොන්සු මහතා වසර දහයක කාලයක සිට ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළේය. එම සංගමයේ සිටින ජ්‍යෙෂ්ඨතම උපසභාපතිවරයා වන ඔහු පසුගිය කාලය තුළදී සංගමයේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර ඇත.
ඔහුට අමතරව මෙම රැස්වීමේදී නව ලේකම්වරයා ලෙස ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන උදය ඉමාෂ මහතා පත්විය.
ජනසතු සේවා ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වසර 40 ක කාලයක සිට කටයුතු කරන ප්‍රධානතම අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස කීර්තියක් උසුලයි.
මෙම සංගමයේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට උපහාර දැක්වීමක්ද මෙම රැස්වීමේදී සිදුකෙරිණි.