ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් 200 ක් සඳහා ජංගම දුරකථන ලබාදීමට පෞද්ගලික සමාගමකින් ලැබුණු රුපියල් ලක්ෂ 50 මුදලකින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් විධායක කමිටුවේ නිලධාරීන්ට (Executive Committees) ජංගම දුරකථන ලබාදීමට වැයකර ඇතැයි වාර්තා වේ.
මෙහිදී ඉතුරු ලක්ෂ 20 මුදලෙන් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනෙකුත් සේවකයන්ට ජංගම දුරකථන ලබාදීමට පියවර ගෙන නොමැති බවට ක්‍රිකට් ආයතනයේ සේවකයෝ මැසිවිලි නගති.
කෙසේ වෙතත් මේ වනවිට මෙම ජංගම දුරකථන ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30 ක් වැයකර උසස් වර්ගයේ ජංගම දුරකථන 30 ක් ගෙන්වා ඇති බවත්, එම එක් ජංගම දුරකථනයක වටිනාකම රුපියල් ලක්ෂයක් වන බවත් ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.