ශ්රී ලංකා කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට ලකුණු 90ක ජයක්
ආසියානු කුසලාන විස්සයි 20 කාන්තා ක්රිකට් තරගාවලියේ අද (04දා) මැලේසියාව සමග පැවැති තරගයෙන් ලකුණු 90ක ජයක් හිමි කර ගැනීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් විය.
මැලේසියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා ක්රීඩාකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ මැලේසියානු ක්රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 46ක් පමණි.
මෙහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ යශෝධා මෙන්ඩිස් පන්දු 29කදී ලකුණු 36ක් ලබා ගත් අතර පන්දු යැවීමෙන් නිලක්ෂි ද සිල්වා පන්දුවාර 4 තුළදී කඩුලු 03ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කර ගැනීමට සමත් වූවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


