5.44 P.M. දෙවැනි ටෙසට් තරගය පළමු දිනයට නිමාකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 86ට ලකුණු 305ක් රැස්කරගෙන සිටියේය. ඒ සඳහා කඩුලු 5ක් වැයවිය.
මහේල 140* දික්වැල්ල 12*
4.46 P.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස කිත්රුවන් විතානගේ පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 78ක් අවසානයේදී ලකුණු 285ක් රැස්කරගෙන සිටියි.
මහේල 133* නිරෝෂාන් 0*
KDK Vithanage c de Villiers b Morkel 13 (38b 1x4 1x6) SR: 34.21
3.50 P.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස නායක ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේය. පන්දුවාර 66ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 247ක් රැස්කරගෙන සිටියි.
මහේල 117* විතානගේ 0*
AD Mathews c †de Kock b Duminy 63 (135b 6x4 0x6) SR: 46.66
2.39 P.M. පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 54ක් අවසානයේදී කඩුලු තුනට ලකුණු 212ක් රැස්කරගෙන සිටියි. සිය ටෙස්ට් දිවියේ 34වැනි ශතකය වාර්තා කිරීමට මහේල සමත්විය.
මැතිව්ස් 48*
1.44 P.M. තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්ව ඇති මහේල ජයවර්ධන නොදැවී ලකුණු 71ක් රැස්කරගෙන සිටියි. එස්.එස්.සී. පිටිය මහේලගේ ක්‍රීඩා පිටියවේ. මහේල වාර්තා කළේ සිය 49 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේදී ලකුණු 166ක් රැස්කරගෙන සිටියි.
මැතිව්ස් 33*
12.08 P.M. දිවා ආහාරයට තරගය නිමා කිරීමට ප්‍රථමව ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා දවා ගැනීමට දුමිනි සමත්විය. පන්දුවාර 26ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනට ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.
මහේල 53* මැතිව්ස් 0*
JK Silva c de Villiers b Duminy 44 (73b 7x4 0x6) SR: 60.27
11.23 A.M. මහේල හා කෞෂාල් තෙැවැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටිති. පන්දුවාර 18ක් අවසානයේදී කඩුලු දෙකට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70ක් රැස්කරගෙන සිටියි.
කෞෂාල් 22*, මහේල 30*
10.26 A.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක පිටපිටම දවා ගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සමත්විය. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 16දී (පන්දුවාර 4.5) තරංගත්, ඉන් අනතුරුව සංගා ලකුණු නොලබාත් පිටියෙන් ඉවත්විය. පන්දුවාර 6ක් අවසානයේදී 22ක් රැස්කරගෙන සිටියි. 2012 වසරේ නොවැම්බර් 25දායින් පසුව ටෙසට් ඉනිමකදී ලකුණු නොලබා සංගා පිටයෙන් ඉවත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.
මහේල1* කෞෂාල් 10*
WU Tharanga c †de Kock b Steyn 11 (16b 2x4 0x6) SR: 68.75
KC Sangakkara c Imran Tahir b Steyn 0 (1b 0x4 0x6) SR: 0.00
ඡායාරූප ශාන්ත රත්නායක
එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. නිරේෂාන් දික්වැල්ල ටෙස්ට් වරම් හිමිකරගත්තේය. ඒ අනුව චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.
තිරිමාන්න වෙනුවට කිත්රුවන් විතානගේ කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
කෞෂාල්, තරංග, සංගක්කාර, මහේල. මැතිව්ස්, දික්වැල්ල, විතානගේ, දිල්රුවන්, හේරත්, ලක්මාල්, මෙන්ඩිස්
දකුණු අප්‍රිකා කණ්ඩායම
එල්ගා, පීටර්සන්, ඩු ප්ලෙසි, අම්ලා, ඩිවිලියර්ස්, කොක්, දුමිනි, ෆිලැන්ඩර්, ස්ටේන්, මෝකල්, තාහිර්