මීර්පූර් තණතිල්ලේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ ලකුණු සංඛ්‍යාව හඹා යන්නට අපහසු වනු ඇති බව තමා දැන සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
එම තණතිල්ල පහසුවෙන් ලකුණු රැස් කරන්නට අපහසු පිටියක් බවත්, එම විශ්වාසය බංග්ලාදේශය පරදවන්නට උත්තේජනයක් වූ බවත් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නායක දිනේෂ් චන්දිමාල්,
“මම කාසියේ වාසිය දිනන්නට පෙරාතුව ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. එය දිනිය යුතුව තිබුණා. එය වියළි විකට්ටුවක්. මෙහි ප්‍රධානම ගෞරවය හිමිවෙන්න ඕන උපුල් තරංගට සහ දික්වැල්ලටයි. ඔවුන්ගේ සවිමත් ආරම්භය අපට ගොඩ නැගෙන්නට ශක්තියක් වුණා. පළමු ඕවර් විස්ස ක්‍රීඩා කරද්දීම, අපට ලකුණු 220-230ක් පමණ තිබුණා නම් තරගය ජයගත හැකියි යන තීරණයට අපි පැමිණුනා” යනුවෙන් පැවසීය.