2020 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ජපානයට හිමි බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මේ සඳහා ලහි ලහියේ සූදානම් වන ජපානය තරගාවලිය වෙනුවෙන් නව ලාංඡනයක්ද එළිදැක්වුවා. එය ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් වෙන වෙනම එළිදැක්වීමද මෙහිදී සිදුණා.
විවෘත තරගයකින් අනතුරුව තමන්ට ලැබුණ 15,000කට අධික ලාංඡන වලින් අනතුරුව නව ලාංඡනය තෝරාගත් අතර එහි නිර්මාපකයා වූයේ අසාඹ් ටොකෝලෝය. වැඩි වර්ණ භාවිතකයන් තොරව සුදු හා ඉන්ඩිගෝ වර්ණය යොදාගෙන මෙම ලාංඡනය නිර්මාණය කිරීමට අසාඕ කටයුතු කර තිබුණි.