2017 BGRS කාටින් තරගාවලියේ පළමු අදියර (BGRC Karting Championship 2017) පසුගියදා බණ්ඩාරගම Sri Lanka Karting Circuit (SLKC) ධාවන පථයේදී අතිසාර්ථක ලෙස පැවැත්විණි.
සුපුරුදු ලෙස බණ්ඩාරගම Go-kart Racing Club විසින් සංවිධානය කරන ලද මෙම ඉසව්වේදී ආධුනික A, B ,සහ C කාන්තා විවෘත, ජ්‍යෙෂ්ඨ D, E, සහ F යන කාණ්ඩ යටතේ තරගකරුවෝ තරග වැදුණහ.
ආධුනික A කාණ්ඩයේ ජය අනිෂ් රයන් රණසිංහ වෙත හිමිවූ අතර එම කාණ්ඩයේ දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙළින් අවිශ්ක පේ‍්‍රමදාස සහ ලිනාල් ගුණතිලක විසින් දිනාගන්නා ලදී.
තියුණු තරගයකින් අනතුරුව ආධුනික B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හරේන්ද්‍ර කරුණාරත්නත්, දෙවන ස්ථානය චවිඳු ලවන් කොදාගොඩත්, තුන්වන ස්ථානය අසංක රත්නප්‍රිය සොයිසාත් හිමිකරගත්හ.
ආධුනික C කාණ්ඩය ශෙහාන් චරිත් ද අල්විස් විසින් ජයගන්නා ලදී. එහි දෙවන ස්ථානයට හේෂාන් ලලිත් කුලතුංගත්, තුන්වැනි ස්ථානයට රොන්චැලි කනිෂ්ක රඹුක්වැල්ලත් හිමිකම් කීහ.
තරගයේ ඉසව් දෙකකදීම ජයග්‍රහණ වාර්තා කිරීමට අශ්විතා වික්‍රම සමත් වූවාය. ජ්‍යෙෂ්ඨ D කාණ්ඩයේ සයුරික ලිවිඳු සහ විනුෂ සංජුල පෙරියප්පෙරුම පරදවමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඇය සමත් වූ අතර ඉන් අනතුරුව කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය වාර්තා කිරීමටද ඇයට හැකියාව ලැබිණි. එම අංශයේ දෙවන හා තෙවන ස්ථාන මේරිස් නවරත්න සහ සහන්දී මීගම වෙත හිමිවිය.
ජ්‍යෙෂ්ඨ D කාණ්ඩය ජයගන්නා ලද්දේ ශ්‍යාමාල් මෙන්ඩිස් විසිනි. එහි දෙවැනි ස්ථානය ඇන්ජලෝ සේනාරත්නටත් තුන්වැනි ස්ථානය ශක්ති අනුරාධ ගුණසේකරටත් හිමිවිය.
රන්ජය දිසානායක ජ්‍යෙෂ්ඨ F කාණ්ඩයේ ජයග්‍රහණය සියතට ගැනීමට සමත් වූ අතර භාග්‍ය සේනාරත්න සහ රයන් ඩි බෘයින් දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමිකරගත්හ.