19න් පහළ ක්‍රිකට් කණ්ඩායම රුවන් කල්පගේට?
වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය රුවන් කල්පගේට හෝ මලින්ද වර්ණපුරට ලබාදීමට නියමිතව ඇතැයි %අද^ට වාර්තා වේ. මින් අදාළ තනතුර සඳහා වඩාත්ම යෝග්‍ය යැයි යෝජනාවී ඇත්තේ රුවන් කල්පගේය. ඔහු මීට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල දඟපන්දු යැවීම පිළිබඳ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
කෙසේ වෙතත් රුවන් කල්පගේට මෙම තනතුර ලබාදීම ප්‍රතික්ෂේප වුවහොත් එය හිටපු ක්‍රීඩකයෙකු වන මලින්ද වර්ණපුරට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.
රුවන් කල්පගේ සහ මලින්ද වර්ණපුරට අමතරව ප්‍රභාත් නිශ්ශංකවද 19න් පහළ කණ්ඩායමේ පුහුණුකාර ධුරය සම්බන්ධයෙන් සලකා බලා ඇති අතර පසුව ඔහුගේ නම ඉවත් කරගන්නට බළධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව කල්පගේ සහ වර්ණපුර අතර මෙම තනතුර සඳහා සටනක් නිර්මාණය වී ඇති අතර බොහෝ දුරට එය මෙම සතිය තුළදී රුවන් කල්පගේට ලබාදෙනු ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරැ වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


