ජයග්‍රහණයක් සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සැනසීමකින් පිවිසීමට තිබූ අවසන් අවස්ථාවත් ශ්‍රී ලංකාවට අහිමි කරමින් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) පැවති තරගාවලියේ 10 වැනි තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 151ක ඉලක්කයට පිළිතුරු පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානු කණ්ඩායම තරගයේ 19.2 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. පාකිස්තානු ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය උමර් අක්මාල් ලකුණු 48 ක් හා සර්ෆාස් අහමඩ් ලකුණු 38 ක් රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
පාකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 150 ක් රැස්කිරීමට සමත්විය. මෙය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර ප්‍රධාන තරග වටයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
බලාපොරොත්තුවක් නොමැති සටනක් පමණක් ඉතිරිව තිබූ මෙම තරගයේද වෙනසක් නොමැතිව දිනේෂ් චන්දිමාල් සමගින් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ ආරම්භ කළ අතර, තරගාවලියේ වාර්තාකළ දෙවැනි ශතක සබඳතාව ගොඩනගමින් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 110 ක් එක් කළේය.
චන්දිමාල් ලකුණු 58 ක් රැස්කරගෙන සිටියදී, වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ සාර්ජින් ඛාන් වෙත උඩපන්දුවක් ලබාදීමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණි. චන්දිමාල් ඊයේ රැස්කරනු ලැබුවේ 03 වැනි විස්සයි20 අර්ධ ශතකයයි. ප්‍රධාන තරග වටයේ (මෙතෙක්) ඉහළ ලකුණු ලාභියාද චන්දිමාල් වන අතර, ඔහු අර්ධ ශතක දෙකක් සමගින් තරග 04කදී ලකුණු 149 ක් රැස්කිරීමට සමත්විය. මෙවර තරගාවලියේ අර්ධ ශතක දෙකක් රැස්කළ එකම පිතිකරුවාද චන්මාල් වේ.
තරගයේ 14.1 වැනි පන්දුවාරයේදී චන්මාල් දැවීයාමත් සමග ඉන් අනතුරුව පිටියට පිවිසි ශෙහාන් ජයසූරිය (04), චාමර කපුගෙදර (02) හා දසුන් ශානකට (0) ලකුණු පුවරුව නගාසිටුවීම වෙනුවෙන් සිය දායත්වය ලබාදීමට නොහැකි වූ අතර, අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් ඉනිමි ගොඩනැලීමට උත්සහ දැරූ ඔවුන් තිදෙනාම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත්කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ.
කෙසේ නමුත් තරග කිහිපයක සිට ලකුණු අතර නොසිටි ඩිල්ෂාන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ශක්තිමත් පදනමක් දමමින් නොදැවී ලකුණු 75 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 56කදී ගොඩනැගුණු ඩිල්ෂාන්ගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 10 ක් අන්තර්ගත විය. ඩිල්ෂාන්ගේ 12 වැනි විස්සයි20 අර්ධ ශතකය මෙය වේ. කෙසේ නමුත් ඩිල්ෂාන්ගේ ඉනිම වාසනාව මත ක්‍රියාත්මක වූවක් වූ අතර, ඔහු ලකුණු 08 ක් හා 64 ක් රැස්කරගෙන සිටියදී ලබාදුන් පහසු උඩපන්දු දෙකම රැකගැනීමට මොහොමඩ් ඉර්ෆාන්ට නොහැකි විය.
මෙම තරගයේදී ඕනැම විස්සයි20 තරග කාණ්ඩයක ලකුණු 5000 සීමාව පසුකිරීමට ඩිල්ෂාන්ට හැකිවූ අතර, එම කඩයිම පසුකළ පළමු ශ්‍රී ලංකා මෙන්ම 15 වැනි ලෝක පිතිකරුවා ඔහු වේ.
මෙම තරගයේද ශ්‍රී ලංකා නිත්‍ය නායක ලසිත් මාලිංග ක්‍රීඩා නොකළ අතර, පසුගිය තරග දෙක නායකත්වයේ වගකීම ඉසිලූ ඇන්ජලෝ මැතිව්ස්ද විවේකගන්වා තිබුණි. ඒ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායම් නායක ලෙස කටයුතු කළේය.
ඊයේ තරගය නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, එහි ලේකම් මොහාන් ද සිල්වා ඇතුලු පිරිසක් පැමිණ සිටියහ.
ශ්‍රී ලංකාව 150/4 (පන්දුවාර 20)
දිනේෂ් චන්දිමාල් 58 (49, 4x7, 6x1), තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 75 (56, 4x10, 6x1), ශෙහාන් ජයසූරිය 04 (6), චාමර කපුගෙදර 02 (3), දසුන් ශානක 0 (2), මිලින්ද සිරිවර්ධන නොදැවී 4 (4),
පාකිස්තානය පන්දු යැවීම
මොහොමඩ් ඉර්ෆාන් 2/18 (4), වයබ් රියාස් 1/30 (4), ෂොයිබ් මලික් 1/3 (1)
පාකිස්තානය 151/4 (පන්දුවාර 19.2)
සාර්ජිල් ඛාන් 31 (24, 4x5, 6x1), මොහොමඩ් හෆීස් 14 (11, 4x3), සර්ෆාස් අහමඩ් 38 (27, 4x6), උමර් අක්මාල් 48 (37, 4x4, 6x2), ෂොයිබ් මලික් නොදැවී 13 (17), ඉෆ්තිකාර් අහමඩ් නොදැවී 0 (0)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 1/20 (4), ශෙහාන් ජයසූරිය 1/13 (1), තිලකරත්න ඩිල්ෂාන් 1/2 (1), මිලින්ද සිරිවර්ධන 1/20 (2)
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද (04දා) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ෂාහිඩ් අෆ්රිඩි පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.
පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියෙන් ඉවත්ව ඇති බැවින් කණ්ඩායම දෙකටම අභිමානය රැකගැනීමට දෙයක් ඉතිරිව නැති අතර, හුදෙක් බලාපොරොත්තුවක් නොමැති සටන් පමණක් ඉතිරිවී ඇති තරගයක් බවට පත්ව ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම පාකිස්තාන කණ්ඩායමේද වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ අද තරගයෙන්ද ලසිත් මාලිංග විවේක ගන්වා ඇත. ඊට අතරව අද තරගයට ඇන්ජලෝ මැතිව්ස්ද ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම් නායකත්වය පැවරී ඇත. මැතිව්ස් වෙනුවට නිරෝෂන් දික්වැල්ල කැඳවා ඇත.
පාකිස්තාන කණ්ඩායමෙන් කුමාර් මන්සූර්, මොහොමඩ් සාමි හා අන්වර් අලි ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට මොහොමඩ් නවාස්, වහබ් රියාස් හා ඉෆ්තිකාර් අහමඩ් කැඳවා ඇත.