ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (04දා) පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයට අදාළ රුපියල් 100 ප්‍රවේශපත්‍ර 2000ක් අද දිනයේදි අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව අද (03දා) පෙරවරු 10.00 සිට අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටා ඇති මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්යාලයේදී මෙම ප්‍රවේශපත්‍ර අලෙවිකරන බවත් එක් පුද්ගලයෙකු අලෙවි කරන්නේ එක් ප්‍රවේශපත්‍රයක් බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එසේම පැමිණෙන පිළිවෙළට මෙම ප්‍රවේශපත්‍ර අලෙවි කරන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.