බැංගලෝර් කණ්ඩායමට තවත් පරාජයක්
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ මෙවර අසාර්ථක කණ්ඩායමක් බවට පත්ව තිබෙන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද (07දා) පැවැති තරගයෙන්ද පරාජයට පත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 158ක් රැස්කළේය. බැංගලොර් කණ්ඩායමේ සුපිරිම පිතිකරුවන් තිදෙනා ක්රිස් ගේල් (0), විරාත් කෝලි (05), ඒ.බී. ඩිවිලියර්ස් (10) මෙම තරගයේදීත් අසාර්ථක වූහ.
එසේම ඔවුන් තිදෙනාගේ සමස්ත ලකුණු එකතුව 15ක් ලෙස දැවීගිය දෙවැනි අවස්ථාවද මෙය වෙයි.
ලකුණු 159ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 15.1කදී කඩුලු 4ක් වැයකරන ඉලක්කය පසුකර යෑමට කොල්කටා කණ්ඩායම සමත්විය.
අයි.පී.එල්. වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සමකළ සුනිල් නාරායන් පන්දු 15කදී ලකුණු 50 ක් රැස්කළේය. ඔහු ක්රිස් ලීන් හා එක්ව පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැංවූයේ පන්දුවාර 6.1කිනි.
තරගයේ වීරයා ලෙස සුනිල් නාරායන් සම්මාන ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

