බැංගලෝර් කණ්ඩායේම් අසාර්ථකත්වය තවදුරටත්
මෙවර ඉන්දියන් ප්රිමියර්ලීග තරගාවලියේ දිගින් දිගටම අසාර්ථක කණ්ඩායමක් බවට පත්ව ඇති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තවත් තරගයකින් පරාජයට පත්විය. කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා ඊයේ (05දා) රාත්‍රියේ පැවැති තරගයේදී ඔවුන් ලකුණු 19කින් පරාජයට පත්විය.
බැංගලෝර් ක්‍රීඩාංගණයේදී මෙම තරගයේ පැවැත්වූයේ තරගාවලියේ 43 වැන තරගය ලෙසිනි. මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම ලකුණු 138ක් රැස්කළේය. ආක්ෂාර් පටේල් නොදැවී ලකුණු 38ක් රැස්කළ අතර එය කණ්ඩායමේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
බැංගලෝර් කණ්ඩායමෙ පිතිකරණ අංශයට මෙය එතරම් අපහසු ඉලක්කයක් නොවුණත් පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 119ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මන්දීප් සිං ලකුණු 46ක් රැස්කළේය.
ක්‍රිස් ගේල් (0), විරාත් කෝලි (6), ඒ.බී.ඩිවිලියර්ස් (10) යන ක්‍රීඩකයෝ අවම ලකුණු සංඛ්‍යාවකට සංදීප් ශර්මා හමුවේ දැවී ගියහ.
ආක්ෂාර් පටේල් හා සංදීප් ශර්මා කඩුලු තුන බැගින් දවාගත්හ. තරගයේ වීරයා ලෙස සංදීප් ශර්මා සම්මාන ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

