භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථාන තරගාවලියෙන් ඉවත්වූයේ ඇයි ?
- 24 11 2022
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රභල පිතිකරු භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථානය සමගින් තරගාවලියෙන් ඉවත්වී ඇත. ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධානියෙකු පැවසුවේ සිය පවුලේ සාමජිකයන් සමගින් වැඩි කාළයක් ගත කිරීමට කළ ඉල්ලීමක් මත මෙලෙස තරගාවලියෙන් ඉවත් කළ බවයි.
මේ අතර තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා සංචිතය අද නිවේදනය කර ඇත. ඊට තුන් ඉරියව් ක්රීඩක ධනංජය ලක්ෂාන් ඇතුලත්ව ඇත. මෙහි භානුක රාජපක්ෂගේ නම ඇතුලත් වුවද පසුව ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇත.
ශ්රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනංජයද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ, ප්රමෝද් මදුෂාන්, අසිත ප්රනාන්දු, අෂේන් බණ්ඩාර, ළහිරු කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.