අසීරු මොහොතේත් යුතුකම පැහැර නොහැරි ජපනුන්
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.
තියුනු තරගයකින් පසු ජපානයට හිමිවූ මෙම පරාජය ජපාන ප්‍රේක්ෂකයින්ට හා ක්‍රීඩකයින්ට දරාගැනීමට අසීරු විය. ඔවුන් තරගයෙන් අනතුරුව බොහෝ සෙයින් හැඟීම්බරව සිටිනු දක්නට ලැබිණි. නමුත් තරගාවලිය පුරාම තමන් චාරිත්‍රයත් ලෙසින් කරගෙන ආ, තරගයෙන් අනතුරුව තමන් රැඳී සිටි ක්‍රීඩාගාරය සුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යභාරය ජපන් ප්‍රේක්ෂකයින් අමතක නොකළහ.
තරගයෙන් අනතුරුව සිය හැඟීම් මොහොතකට පසෙක ලූ ඔවුන් සුපුරුදු පරිදිම ක්‍රීඩාංගණය අස්පස්කර පිටත්වූයේ එහි රැඳි සිටි ක්‍රීඩාංගණයේ පිරිසිදු කිරීමේ සේවකයන්ගේද ආචාරය මධ්‍යයේය.
එමෙන්ම තරගයෙන් අනතුරුව බොහෝ හැඟීම්බරව සිටි ජපාන ක්‍රීඩකයින් අස්වැසූ ජපාන පුහුණුකරු හජිමේ මොරියාසු තරගය නැරඹිමට පැමිණි සියරටේ ප්‍රේක්ෂකයින්ටද හිසනමා ආචාර කිරීමට අමතක නොකලේය.
ආසියාව නියෝජනය කරන ජපන් ජාතිකයන්ගේ මහත්මාභාවය තරගාවලිය පුරාවටම ප්‍රකට වූ අතර තරගාවලිය ආරම්භක තරගය වූ ඉක්වදෝරය හා සත්කාරක කටාරය අතර තරගයෙන් අනතුරුවද ජපාන ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යභාරය සිදුකලේ තමන්ගේ තරගයක් නොවූවත් සිය යුතුකම ඉෂ්ට කරමිනි.










ජපාන පුහුනුකරු ප්‍රේක්ෂකයන්ට සිය ආචාරය පුද කරමින්
popular news
-
janahitha Tuesday, 06 December 2022 09:52 AM
niyama bauddayan katayuthu karanne melesaya namuth ape rate bandagarayada videsha vinimayada mulumaninma soragena atha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

