කණ්ඩායම නියමිත කාලයේදී හරි තත්ත්වයට ඒවි
2019 වසරේදී එංගලන්තයේදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියම තත්ත්වයට එන බවට විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ඊයේ (27දා) කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා. මම හිතන්නේ චන්දික හතුරුසිංහගේ පුහුණුවීම් නායකත්වයෙන් ඉතාමත් හොඳට සූදානම් වෙලා හරි කාලයට හරි තත්ත්වයට ඒන්න පුළුවන් වෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා.”
මෙහිදී ජනපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු පිළිබඳවද මාධ්‍ය ප්‍රශ්ණ කරනු ලැබීය.
Q ඔබගේ නමත් කියවුණා ජනපතිවරණය සම්බන්ධයෙන්?
මටත් ආරංචියක් ආවා ඒහෙම කියැවුණා කියලා. පළවුණා කියා මම සැරයක් දෙසරයක් දැක්කා.
Q ඔබ දැනුවත් වෙලා සිටියේ නැත්ද?
මොකක් පිළිබඳවද?
Q ජනපතිවරණයට ඔබ ඉදිරිපත්වෙනවා කියලා පොදු අපේක්ෂකයා ලෙස?
නෑ ඉතින් ඇත්තටම මගේ බලාපොරොත්තුවක් නැත්නම් මම දැන ගන්න විදියක් නෑනේ.
Q යටි හිතේ ඒහෙම බලාපොරොත්තුවක් නැත්ද?
ඔබතුමාගේ හිතේ ඇති. මගේ හිතේ නම් නෑ.

popular news
-
sam Tuesday, 28 August 2018 02:50 PM
අදරේණිය කුමාර් කරුණාකර ලංකා දෙසපලනයට යන්න එපා
Reply : 1 0
Aravinda Perera Thursday, 30 August 2018 11:27 PM
Sanga please political valata nam enna epa.oya bohoma amaruwen hada gaththa nama nathi wei.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
