ජෛව සංරක්ෂණ සංගමය මඟින් සංවිධානය කරන ලද "සොබාදහම සඳහා ක්‍රීඩාව" වොලිබෝල් තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වෙනි දින පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කල්පිටිය, මුදලප්පාලි වොලිබෝල් පිටියේදී (දිවා රාත්‍රී තරඟාවලියක් ලෙස) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
මෙම තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කන්දකුලිය කණ්ඩායම සමත්විය. අනුශූරතාව මුදලප්පාලි පාසල් කණ්ඩායම දිනාගත් අතර මුදලප්පාලි වැඩිහිටි කණ්ඩායම තෙවන ස්ථානය හිමිකර ගත්තේය.
සියළුම ජයග්‍රාහී කණ්ඩායම්වලට අපගේ සුභ පැතුම් හිමිවන අතර, විශේෂයෙන්ම තරඟාවලියට සහභාගී වූ කල්පිටිය අර්ධද්වීපය පුරා විසිරුනු කණ්ඩායම් 12 කට අයත් වයස අවුරුදු 18 සිට 50 දක්වා වූ ක්‍රීඩකයින් 140කට වැඩි පිරිසක් තරගාවලියට එක්වූහ.
ප්‍රංශයේ Play for Nature සහ APRC Mécénat ආයතන තරගාවලියේ මූල්‍ය අනුග්‍රහය දැක්වූ අතර කල්පිටිය, මුදලප්පාලි New Akbar Seven Seas ක්‍රීඩා සමාජය තරඟාවලියේ සංවිධාන කටයුතු සඳහා සහාය ලබා දෙන ලදී. "සොබාදහම සඳහා ක්‍රීඩාව" යන තේමාව මෙම තරඟාවලිය සඳහා භාවිතා කිරීමෙන්, කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව තුළ “මුහුදු කැස්බෑවුන් ඇතුළු වෙරළබඩ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම” යන අදහස ප්‍රචලිත කිරීමට මේ හරහා කටයුතු කරනු ලැබීය.
තරඟාවලිය නැරඹීමට පැමිණි ප්‍රජාව ක්‍රීඩකයින් දිරිගන්වමින්පරිසරය ආරක්ෂා කිරීමේ පණිවිඩය බෙදාහැරීමට මහඟු දායකත්වයක් ලබා දුන්හ. තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ අද සහ විජය පුවත්පත් මගිනි.
