ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක හම්බන්තොට මහාධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා භාරදීම සැප්තැම්බර් මස 24 දිනට කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කෙළ්ය.
සචිත්ර සේනානායක මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ නීතිඥවරුන් මාර්ගයන් ඊෙය්(09දා) හම්බන්තොට මහාධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර චෝදනාව එල්ල වී ඇති ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නඩුව කල් තබන ලදි.
2020 වසරේ පැවැති ශ්රී ලංකා ෆ්රිමියර් ලිග්ක්රිකට් තරඟාවලියේ දි මුදලට තරඟ පවාදීම සඳහා තවත් ක්රිඩකයෙකුට යෝජනා කර පෙලඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්රීකට් ක්රීඩක සචිත්ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී.
ක්රීඩා දූෂණ වැලක් විමේ පනතට අනුව මෙරට ජාතික තලයේ ක්රිකට් ක්රීඩකයෙකුට එරෙහිව තරඟ පාවා දීමේ චෝදනාව යටතේ නඩු පැවරීම සිදුකර ඇත.
2020 වසරේ නොවැම්බර් මස 21සහ 22 අතර කාලයේ දි මුරුසි දිවයිනේදි සහ හම්බන්තොට දි ශ්රී ලංකා ප්රිමියර් ලිග් ක්රිඅකට් තරඟාවලියේ ප්රතිපලයට බලපෑමක් ඇතිකල හැකි අයුරින් යම් ක්රියාවක් කිරිමට හෝ නොකිරිමට එම තරඟාවලියට සහබාගි වූ කණඩායමක ක්රීකට් ක්රීඩකයෙකුට යේාජනා කිරිම පෙළඹවීම සම්බන්දව අධිචෝදනා ඇතුලත්ව ඇත.
අම්බලන්තොට- සනත් ගමගේ