ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් මාටිස් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර වෙනුවෙනි.
අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන නව පුහුණුකරු ගිබ්ස් නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත් සාමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකුද වේ
ශ්‍රී ලංකාව, දකුණූ කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවය එළඹෙන ජූනි මස ආරම්භ වීමට නියමිතයි.
එහි පළමු තරගය ජුනි 13 වනදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 22 වැනිදා හොංකොං සමගින් හොංකොං හිදීත්, ජූලි 04 වැනිදා එ.අ.එමීර් රාජ්‍යය සමගින් ශ්‍රී ලංකාවේදීත් තරග වැදීමට නියමිතය.
2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම ආසියානු රග්බි තරගාවලිය පැවැත්වේ.
ශ්‍රී ලංකාව පසුගියදා මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති තරගයකදී මැලේසියාව පරදා ලකුණු 59-19 ක විශිෂ්ඨ ජයක් ලැබීය.
