ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනමකට ලක්වෙයි
- 22 01 2023
- 18:18
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට තහනමක් කර ඇතිබව ලිඛිතව දන්වා තිබේ.
ඒ පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගැනීම හේතුවෙනි. අදාල තහනම් නියෝගය දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතයි.
මෙම තහනමට මුලිකව හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරනයෙදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු වූ මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම බව වාර්තා වේ.
මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියකුට හෝ පුහුණු කරුවෙකුට හා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිවකට සහභාගී වීමට නොහැකිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.