මීර්පුර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අද (29දා) තෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 463 ක් පසුපසින් සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින සම්සුර් රෙහෙමාන් ලකුණු 09 ක් හා මාර්ෂල් අයුබ් ලකුණු 11 ක් රැස්කරගෙන සිටියි. තමීම් ඉක්බාල්ගේ ලකුණු 11 ක් රැස්කරගෙන සිටියදී රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
අද දිනය ආරම්භ කරන විට ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 375/5 ක් රැස්කර බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 143 ක් ඉදිරියෙන් සිටි අතර, එම වාසිය තවදුරටත් රඳවාගත් ඔවුහු බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 498 ක් ඉදිරියට රැගෙන යමින් ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 730/6කට අත්හිටුවූහ.
බිඳවැටුණු එකම කඩුල්ල වූ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 86 ක් රැස්කරගෙන සිටියදී දවාගැනීමට සොහාක් ගාසී සමත්විය. මාර්ෂල් අයුබ් අතට උඩ පන්දුවක් ලබාදෙමින් මැතිව්ස් පිටියෙන් ඉවත්විය.
ඉන් අනතුරුව පිටිය පිවිසි කිත්රුවන් විතානගේ මහේල සමගින් ශ්රී ලංකා ඉනිම අත්හිටුවන තෙක් ලකුණු 176 ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා ශ්රී ලංකා ඉනිම ලකුණු 730 දක්වා රැගෙන ආවේය. සිය පියාගේ අභාවය හේතුවෙන් මෙම තරගයට සහභාගී නොවූ කඩුලු රකින ක්රීඩක ප්රසන්න ජයවර්ධන වෙනුවට කිත්රුවන් ශ්රී ලංකා කණ්ඩායමට හදිසියේ කැඳවනු ලැබීය. කිත්රුවන් සිය කුළුඳුල් ටෙස්ට් ශතකය මෙම තරගයේදී වාර්තා කළ අතර, ඔහු පන්දු 104කට මුහුණදී ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.
ටෙස්ට් ක්රිකට් පිටියේ සිය පරිණත බව නැවත වරක් විදහා දැක්වූ මහේල පන්දු 271කට මුහුණදෙමින් නොදැවී ලකුණු 203 ක් රැස්කළ අතර, එය මහේලගේ හත්වැනි ද්විත්ව ශතකය හා සිවුවසරකට පසු රැස්කළ පළමු ද්විත්ව ශතකය විය.
ශ්රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 232 ක් පමණි. හෙට (30දා) තරගයේ සිවුවැනි දිනයයි.
බංග්ලාදේශය පළමු ඉනිම 232/10 (පන්දුවාර 63.5)
මුෂ්ෆිකර් රහීම් 61 (පන්දු 122, 4x9)
ශකීබ් අල් හසන් 55 (පන්දු 91, 4x9)
සොහාග් ගාසි 42 (පන්දු 56, 4x6, 6x1)
සම්සුර් රෙහෙමාන් 33 (පන්දු 34, 4x7)
මොමිනුල් හක් 8 (පන්දු 16, 4x2)
තමිම් ඉක්බාල් 6 (පන්දු 28, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
ශමින්ද එරංග 49/4 (පන්දුවාර 17.4)
සුරංග ලක්මාල් 66/3 (පන්දුවාර 18.1)
රංගන හේරත් 50/2 (පන්දුවාර 11)
ඇන්ජලෝ මැතිව්ස් 18/1 (පන්දුවාර 6)
ශ්රී ලංකාව පළමු ඉනිම 730/6 (පන්දුවාර 187.5)
මහේල ජයවර්ධන (නොදැවී) 203 (පන්දු 271, 4x16, 6x4)
කිත්රුවන් විතානගේ (නොදැවී) 103 (පන්දු 104, 4x12, 6x2)
කෞෂාල් සිල්වා 139 (පන්දු 244, 4x16, 6x2)
කුමාර් සංගක්කාර 75 (පන්දු 182, 4x9)
දිමුත් කරුණාරත්න 53 (පන්දු 113, 4x6)
දිනේෂ් චන්දිමාල් 40 (පන්දු 51, 4x2, 6x2)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 159/3 (පන්දුවාර 43)
සොහාග් ගාසි 130/2 (පන්දුවාර 39)
අල් අමින් හුසේන් 118/1 (පන්දුවාර 32)
මහේල 200 කඩඉම පසුකර ඇති අවස්ථා
242- ඉන්දියාවට එරෙහිව 1999 වසරේදී කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී
237- දකුණු අප්රිකාවට එරෙහිව 2004 වසරේදී ගාල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී
374- දකුණු අප්රිකාවට එරෙහිව 2006 වසරේදී කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී
213 (නොදැවී) - එංගලන්තයට එරෙහිව 2007 වසරේදී ගාල්ල ක්රීඩාංගණයේදී
240- පාකිස්තානයට එරෙහිව 2009 වසරේදී කරච්චි ක්රීඩාංගණයේදී
275- ඉන්දියාවට එරෙහිව 2009 වසරේදී අහමදබාද්හිදී
203 - (නොදැවී) බංලාදේශයට 2014 වසරේදී ඩකාහිදී