ශ්රී ලංකාවට ලකුණු 184ක දැවැන්ත ජයක්
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 184කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයගත් ශ්රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයග්රහණය කළේය.
පල්ලෙකැලේ පිටියේ දිවා-රාත්රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරීමට තීරණය කළේය.
ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළදී කඩුල් 9ට ලකුනු 254ක් (පැතුම් නිශ්ශංක 55/කුසල් මෙන්ඩිස් 36/ චරිත් අසලංක 52/චාමික කරුණාරත්න 30/රමේෂ් මෙන්ඩිස් 26/ රිචඩ් න්ගාරවා 46-2) රැස්කිරීමට සමත්විය.
ලකුනු 255ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 24.4 කදි රැස්කළ හැකිවූයේ 70ක් ( ටී. කයිටානෝ 19/රයන් බුර්ල් 15/ වැන්ඩසේ 10-4/දුෂ්මන්ත චමීර 20-2/රමේෂ් මෙන්ඩිස් 26-2) පමණි.
තරගයේ වීරයා ලෙස චරිත් අසලංක සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස පැතුම් නිස්ශංක සම්මාන ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
