සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගය ලකුණු 125කින් පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ට ලකුණු 201ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණඩායමට පන්දුවාර 11.4කදී සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 76ක් පමණි.
තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අත්හැර දැමිණ. දෙවැනි තරගය එංගලන්තය ජයගත් හෙයින් මේ වන විට තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවෙයි.
