2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්රීඩකයා සම්මානය සඳහා ශ්රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ නිර්දේශ වී තිබේ. මෙම සම්මානය සඳහා ක්රීඩකයන් 10ක් හා ක්රීඩිකාවන් 10ක් නිර්දේශ වී තිබේ.මෙහි සම්මාන ප්රදානොත්සවය නොවැම්බර් 29 වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිතය.
අවසාන ජයග්රාහකයා තේරීම සඳහා ක්රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්රියාවලියක් සිදුකරනු ලබන අතර, ඉන් අවසාන වටයට තේරීපත්වන තරගකරුවන් 6 (පිරිමි හා කාන්තා අංශවලින් තිදෙනා බැගින්) නොවැම්බර් 10 සහ 11 යන දිනයන්හිදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
අනතුරුව එම අවසන් තරගකරුවන් මොනාකෝ හි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවනු ලබන අතර, එහිදී 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්රීඩකයා සහ ක්රීඩිකාව ප්රකාශයට පත්කෙරේ.
